මමයි මහින්දයි කේක් කවා ගත් කතාව බොරු…! – තිස්ස…

March 5, 2023 at 12:50 pm | by emanisa.lk

උමන්දාව පුදබිමට තමන් ගියේ එහි නායක හිමියන්ගේ උපන් දින සැමරුමට බව සමගි ජන බලවේග ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

එහි දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් තමන් සහ මහින්ද රාජපක්ෂ කේක් කවා ගත් බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

උපන් දිනය වෙනුවෙන් කේක් කැපුව ද තමන් හෝ මහින්ද රාජපක්ෂ කේක් නොකෑ බව ද තිස්ස අත්තනායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *