ශ්රී ලංකා මහ බැංකුව අද (03) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.
මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙස සටහන් වූ අතර විකිණුම් මිල 348.03 ලෙස සටහන් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඊයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් සහ එහි විකුණුම් මිල රුපියල් 356.73ක් වශයෙන් සටහන් වූ අතර ඊට පෙර දින මෙම අගයන් පැවතියේ රුපියල් 351.72 ක් සහ රුපියල් 362.95 ක් වශයෙනි.