ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය කළේ තමා බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.
කෙසේ වුව ද එය ඉතා ම විද්‍යාත්මක ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතර එහි කැලණි නයා පෙන්නීම වැනි ගොම්පාට් නොතිබුණු බවයි, ඔහු සඳහන් කළේ.
එය නවීන දේශපාලන ප්‍රචාරණ උපක්‍රම, සමීක්ෂණ පදනම් කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් බව ද මඩ අවලාද රැවටිලි කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බව ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.
ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.