පළාත් පාලන ඡන්දය ජයග්රහනය කිරීමට හැකි වේ යැයි ආණ්ඩුව නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව ද හෙතෙම අවධාරණය කරයි.
තමන්ගේ පාලන කාලයේ දී මැතිවරණ නියමිත වෙලාවටත් කලින් පැවැත් වූ බව ද ජයග්රහණය කළ හැකි බව තමන් දැන සිටි බව ද මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීමෙන් ජනාධිපතිවරයාට රටේ ජනමතය දැනගත හැකි වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්රකාශ කළේය.