13 වන සංශෝධනයට ජවිපෙ විරුද්ධයි…! හැබැයි අපි දැන් ඡන්දෙට එන්නේ ජවිපෙන් නෙමෙයි…! – හඳුන්නෙත්ති…

February 21, 2023 at 9:13 am | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“පළාත් සභා හඳුන්වා දෙනකොටම 13යි පළාත් සභාවෙයි වෙනස තමයි පොලිස් බලතල සහ ඉඩම් බලතල. ඉතින් පොලිස් බලතල සහ ඉඩම් බලතල දැන් කොහෙද තියෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි ලංකාවේ ක්‍රියාත්මක කරන්න බෑ.

ක්‍රියාත්මක වුණේ නැත්තේ මොකද දන්නවාද? ජනතව කැමති නෑ. ඔයා හෙට කියන්න ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මම කිව්වා කියලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි එකඟ නෑ.”

කෙසේ වුව ද තමන් ඡන්දය ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස නොව ජාතික ජන බලවේගය ලෙස බවත් පක්ෂ ගණනාවකින් සමන්විත එහි මතය කුමක් දැයි කිව නොහැකි බවත් සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් කීය.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *