සිංහල බසින් ශ්‍රීධරන්ට දුන් සිතාසිය ප්‍රතික්ෂේප කරයි…!

February 15, 2023 at 5:58 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිසිය භාර දුන් සිතාසියක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම සිතාසිය සිංහල භාෂාවෙන් තිබීම නිසා මෙලෙස මන්ත්‍රීවරයා විසින් අදාළ ලියවිල්ල ප්‍රතික්ෂේප කොට තිබේ.

තමා සිංහල කියවීම නොදන්නා බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ විට පොලිස් නිලධාරීන් එය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වුව ද එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පොලිසියට එවැනි කටයුත්තක් සඳහා බලයක් නොමැති බවත් අධිකරණයෙන් දෙමළ බසින් අදාළ පෙත්සම ලබා දුනහොත් පිළිගන්නා බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *