ආගමික ස්ථානවලට දස වසරක් දුන් ඉන්ධන දීමනාව නවතා දැමේ…!

February 11, 2023 at 12:17 pm | by emanisa.lk

ආගමික ස්ථාන එකසිය හතළිහකට ආසන්න සංඛ්‍යාවකට ලබා දී ඇති ඉන්ධන දීමනාව නතර කිරීමට රජය තීරණය කර ඇත. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.

මෙම වාහන ජනාධිපති කාර්යාලය විසින් පසුගිය වසර දහයක කාලයක් තුළ ආගමික ස්ථාන වෙත ලබා දී තිබේ.

මෙම වාහන සඳහා මසකට ලීටර් දෙසිය පනහක ඉන්ධන දීමනාවක් ලබා දී තිබේ. වාහන මෙලෙස ලබාදී ඇතත් ඒ පිළිබඳ ලේඛන ආණ්ඩුව සතුව නොමැති බව ද වාර්තා වෙයි.

ඇතැම් වාහන සඳහා රියැදුරන් ආණ්ඩුවෙන් ලබා දී ඇති අතර ඇතැම් වාහන සඳහා රියැදුරන් ලබා ගෙන ඇත්තේ ආගමික ස්ථානවලිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *