ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය දැරීමට තරම් පරිණතභාවයක් නොමැති බව තමන් ප්‍රකාශ කළ ද වියත්මග සහ ජනතාව ඔහු ජනාධිපති ධූරයට පත් කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.
අවසානයේ ගෝඨාභය ගෙන ආ වියත්මග සාමාජිකයන් වෙනතක ගිය බවත් ඔහුගේ අසාර්ථකත්වය පිළිබඳ බැනුම් ඇසීමට සිදුව ඇත්තේ තමන්ට බවත් හෙතෙම පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.