බස් ඩ්‍රයිවින් කළා කියලා නායකයෙක් වෙන්න බෑ…! – සරත් ෆොන්සේකා..

January 2, 2023 at 11:06 am | by emanisa.lk

යමෙකුට බස් ධාවනය කොට හෝ බස් ගිනි තබා නායකයෙකු විය නොහැකි බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

බස් ධාවනය කරවීම නායකයෙකු වීමට සුදුසුකමක් නොවන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

බස් පරිත්‍යාගයෙන් සහ එය ධාවනය කරවීමෙන් සජිත් ප්‍රේමදාස කිසියම් තෘප්තියක් ලබන බව ද සරත් ෆොන්සේකා සඳහන් කළේය.

කෙසේ වුව ද බස් ධාවනය හෝ බස් ගිනි තැබීම නායකත්වයට සුදුසුකමක් නොවන බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසුවේ බස් රියදුරෙකුට වුව ද හැකියාව කැපවීම ඇත්නම් රටේ නායකත්වයට පත්විය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *