හඬ පටයෙන් මගේ පාරිශුද්ධ දර්ශනය තහවුරු වුණා…! අනුර දිසානායකත් මට කතා කළා..!- බුද්ධික පතිරණ…

January 1, 2023 at 12:59 pm | by emanisa.lk

මේ වන විට සමාජජාලවල හුවමාරු වන ආදර්ශ කරඳන සමග සිදුකරන දුරකතන සංවාදය ඇතුළත් හඬපටයෙන් සිය දර්ශනය මනාව පිළිඹිබු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

දෙදෙනෙකුට කෑම පාර්සලයක් පමණක් ඇනවුම් කිරීම ඔස්සේ සමාධි පදනමේ මුදල් කෙතරම් අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ දැයි තහවුරු වන බව ද හෙතෙම සඳහන් කරයි.

එසේම මත්පැන් වර්ග සමාධි පදනම නමට ඇනවුම් නොකරන ලෙස සහ මත්පැන් ගන්නා බව තමා දන්නා බව සැඟවීමට පැවසීමෙන් එහි ගෞරවය ආරක්ෂා කරන බව සනාථ වන බවයි, බුද්ධික පතිරණ කීවේ.

මෙම සිදුවීමට අනතුරුව අනුර දිසානායක, දයාසිරි ජයසේකර, සජිත් ප්‍රේමදාස ඇතුළු විශාල පිරිසක් තම අමතා අදාළ චොදනාව පිළිබඳ විමසූ බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *