දසරාජ ධර්මෙන් රට පාලනය කරනවා..! සිංගප්පූරු ක්‍රමේට කුඩු ප්‍රශ්නෙ විසඳනවා..! – සජිත්..

December 27, 2022 at 6:38 am | by emanisa.lk

රටේ කුඩු ප්‍රශ්නය විසඳන්න නම් සිංගප්පූරු ක්‍රමය මෙහිද ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ලිබරල්වාදී, වාමවාදී, සමාජවාදී යැයි කියා ගන්නා අය හෙට සිට තමන්ට බැණ වැදුණද අපේ අණ්ඩුවක් යටතේ ධාර්මිෂ්ට ක්‍රමය අනුවත්, දස රාජ ධර්මය අනුවත්, රට පාලනය කරන බව ද හෙතෙම පැවසීය. එමඟින් කුඩුකාරයන් විනාශ කරන බව ද කීවේය.

හෙතෙම මේ බව පැවසුවේ බෙන්තොට ගාමිණී ජාතික පාසලට ‘සක්වල’ වැඩසටහන යටතේ 49 වැනි බස් රථය දීමෙන් අනතුරුව පැවති ජන හා සිසු හමුව අමතමිනි.

තමන් මේ වන විට ලක්ෂ 2342ක් වැය කරමින් පාසල්වලට බස් රථ පරිත්‍යාග කර තිබෙන බව කී හෙතෙම, නිදහස ලැබී වසර 75ක් ගතවන මේ වන තෙක් මොන විපක්ෂ නායක ද මෙවැනි දේවල් කළේ යැයි ප්‍රශ්න කළේය.

එදා රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200ක් හදන විට විවේචනය කළ අය පසුව ඒ ගැන හොඳ කියූ බවත් සජිත් පෙු්මදාස කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *