ගොවි පවුලකට රු. 20000ක ආධාර…!

December 21, 2022 at 12:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 ක ට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියා සංවර්ධන බැංකුව මෙම මුදල ලබා දී තිබේ.

ඒ අනුව  හෙක්ටයාරයකට අඩුවෙන්  වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක් සහ ඊට වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන පවුලකට රුපියල්   20,000 ක් වශයෙන් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *