ජනවාරි සිට පැය 10ක විදුලි කප්පාදුවක්..! රට ම අකර්මන්‍ය වීමේ අවධානමක…!

December 21, 2022 at 10:26 am | by emanisa.lk

රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරහිත වන බවත් ඉන් පසුව පැය 10 කට අධික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.

නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න, එසේ වුවහොත් එය බරපතළ තත්ත්වයක් බවට අනතුරු ඇඟවූයේ ය.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩු වී ඇති බැවින් ඉදිරි මාස කිහිපයේ දී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළඟාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *