පාස්කු ප්‍රහාරයේ අභිරහස් සඟවන තැතක්…? පාස්කු ප්‍රහාරයේ සැකකරු ඝාතනය කරයි…!

November 28, 2022 at 5:43 pm | by emanisa.lk

මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි. අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ එහි දී එල්ලවූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

මියගොස් ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇප මත මුදාහැර සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස