හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිමින් ඔවුන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඊයේ (15) මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇත්තේ පොලීසිය වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා විසිනි.
නීති විරෝධී ලෙස විරෝධතා පෙලපාලියක නිරත වූයේ යයි අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබා දුන් අතර පොලිස් රාජකාරියට බාධා කළහොත් ඇප අවලංගු කර අත්අඩංගුවට ගන්නා බව ද අධිකරණය ඈට දැනුම් දී තිබේ.