සතොසට අලුතින් බාර් පර්මිට් 300ක්…! රට පුරා බාර් 6000ක්…!

November 11, 2022 at 1:17 pm | by emanisa.lk

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතියි.

කෙසේ වුව ද මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බව ද පැවසේ.

සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සල් සඳහා ද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර හයදහසක් පමණ නිකුත් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *