ප්‍රාඩෝවක් පෙන්වා ලක්ෂ 80කට විදලා..! පියතුමෙක් අත්අඩංගුවට…!

November 10, 2022 at 10:49 am | by emanisa.lk

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (09) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ය.

සැකකාර පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක නැමැත්තිය වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කළ එවැනි වැරදි ගණනාවකට ඇප මත සිටින්නියක් බවත් ය.

අදාළ කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛණයක් ඉදිරිපත් කළ හැකිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටි අතර එවැන්නක් ඉදිරිපත් කිරීමට සැකකාර පාර්ශ්වය අපොහොසත් වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කළේය .

මෙම කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන ඒකකයට ද නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *