මෙරට මධ්‍ය පරිමාන ව්‍යාපාර 89 000කින් 27 000ක් මේ වන විට වැසී ගොස් ඇතැයි 43 වන සේනාංකාධිපති, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
හිටපු අමත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට ආනයන සීමා කර, ඉන්ධන භාවිතය 40%කින් අඩු කර, මිලියන 600ක ණය මුදලින් සතයක් නොගෙවා පෝලිම් නොමැතිව ගෙවෙන මේ කාලය තාවකාලික සටන් විරාමයක් පමණක් බවයි.
මහින්ද රාජපක්ෂ නැගිටින්න හදන සෑම වාරයක් පාසා ම අවුරුදු හැත්තෑ ගණනක් මේ රටේ ජනතාව ගොඩනැඟූ දැවැන්ත සමාජ ප්රාග්ධනය රටින් යන බව ද පාඨලී චම්පික අවධාරණය කරයි.
එහෙයින් “මහින්ද රාජපක්ෂට වැඳලා කියන්නම් ආයේ නම් නැගිටින්න එපා. ජනතාවට මේ විකාරේ දැකලා එපා වෙලා. පැත්තකට වෙලා ඉන්න තරමට මේ රටට හොඳයි.” යැයි හෙතෙම සඳහන් කළේය.