ඕන හිඟන්නෙකුට වේදිකා හදං නගින්න පුළුවන්…! රාජපක්ෂලා ආයේ නැඟිටිනවා බොරු…! – මෛත්‍රී…

October 30, 2022 at 2:53 pm | by emanisa.lk

පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

“ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි ” හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව ද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

මේ ආණ්ඩුවෙන්ද රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි ද ඔහු ඔහු වැඩි දුරටත් කීවේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *