උඩ බලාගෙන කෙළ ගහන්න එපා..! ශ්‍රීලාංකේය ජාතිය බිහි වුණේ පුත්තලමෙන්…! – සනත් නිශාන්ත…

October 28, 2022 at 9:14 am | by emanisa.lk

කිසිවෙකු තම නිවස ගිනි තබා තම දේශපාලන ජීවිතයට පාංශුකූලය දීමට උත්සාහ කරන්නේ නම් එය බලවත් වැරදීමක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

පුත්තලම ගැන කීමේ දී ඇතැමුන් සතෙකු සිහිපත් කළ ද ශ්‍රී ලාංකේය ජාතිය නිර්මාණය වූයේ පුත්තලෙමන් බව හෙතෙම අවධාරණය කරයි.

විජය රජු ඇතුළු පිරිස ගොඩ බැස්සේ පූක්කුළම නම් පුත්තලමේ ග්‍රාම නිලධාරී වසමට බවයි, රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

පුත්තලම යනු තම්බපන්නිය බවත් ඊට නිගා කරන සියලු දෙනා එය ජාතියට අයත් බවත් ඔහු සඳහන් කරයි.

රටේ සියලු වැරදි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මත පැටවීම හෙණ ගහන අපරාධයක් බවත් රටේ වැටීම ආරම්භ වන්නේ පාස්කු ප්‍රහාරයත් සමග බවත් හෙතෙම පෙන්වා දෙයි.

කොවිඩ් උවදුර අවස්ථාවේ රට වසන්න යැයි විරෝධතා කළේ 3%ට වැටුණු බංකොලොත් දේශපාලන කණ්ඩායම් බව ද සනත් නිශාන්ත වැඩි දුරටත් පවසයි.

ආරච්චිකට්ටුවේ පැවැති අළු මතින් නැගිටිමු ජන හමුවට එකතු වෙමින් ඊයේ (27) හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *