බොහෝ අයට අයට දේශපාලන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ද්විත්ව පුරවැසිකම. ඒකත් බැසිල්ගෙ වීම. බැසිල් වෛරය කියන්නෙ මිත්‍යාව මත පදනම් වූවක් මිසක් ඔහුට එරෙහි අයට ඊට කිසිම පදනමක් නැහැ ඔහුට චෝදනා කරන්න. බැසිල් එක්ක දේශපාලනිකව හැප්පෙන්න බැරි අය ඔහුට පහර දෙන්න මේක යොදාගන්නව. පුළුවන් නම් ඔහුත් එක්ක දේශපාලනිකව හැප්පෙන්න.
78 ව්‍යවස්ථාව ලිබරල් එකක්. ජේ ආර් ඒකයි ඒකට ඔය වගන්තිය නොදැම්මෙ. හැබැයි 2015 දි 19 වැනි සංශෝධනය හරහා ඒක ඇතුල් කළා. ඒක දේශපාලන වෛරය මත කරපු එකක්. ඊට කලින් මේක මාතෘකාවක් වුනේ නැහැ. අනික නාමල්ට 2019 අපේක්ෂකයා වෙන්න බැරි විදියට වයසත් වෙනස් කළා. මහින්දට බැරි වෙන්න තුන්වැනි වර බැහැ කිව්වා. මේකෙන් පේනවා මේක ප්‍රතිපත්තිමය තීන්දුවක් නෙමෙයි, දේශපාලන වෛරය මත ගත්ත එකක් කියල.
ද්විත්ව පුරවැසියන් ලෝකෙ බොහෝ දියුණු රටවල දිරිමත් කරනවා. ඔවුන්ට ඕනම තනතුරක් දරන්නත් පුළුවන්. එම රටවල් දූපත් මානසිකත්වයෙන් තොරයි. ඇත්තටම ලිබරල් වටිනාකම් ගැන කතා කරන පිරිස්ම මේ වැනි යල්පැනපු මත ඉදිරිපත් කරනකොට ලැජ්ජයි.
බැසිල් රාජපක්ෂ මේ රටට සතුරු වෙලා තියෙන්නෙ කොහෙද? ඔහු ආර්ථික සංවර්ධන ඇමති කාලෙ තමා මේ රටේ ආර්ථිකය හතර ගුණයකින් ඉහළ ගියේ. යුද්ධය කරන්න සල්ලි හොයල දුන්නෙ ඔහු. ෆොන්සේකා පවා ඒක පිළි අරගෙන තිබුණා. ඇමරිකාවේ කොන්දේසිවලට අවනත නොවී, ඉන්දියාව එකඟ කරගෙන ප්රභාකරන් අවසන් ම කළේ ඔහුගේ ශූර දේශපාලන තීන්දු.
නැතිනම් අදත් ප්රභාකරන් ඇතුළු ප්‍රධාන නායකයින් 43 දෙනෙක් එරිත්‍රියාවේ ජීවත් වෙනවා. ඒ ඇමරිකානු සැලසුම විනාශ කළ නිසයි අදත් ඇමරිකාව රාජපක්ෂල එක්ක හිත හොඳ නැත්තෙ. හැබැයි මෙහෙ එවුන් ඒ රාජපක්ෂලට ගහනකොට ඇමරිකාව දෙකොනින් හිනා වෙනවා.
මහින්ද පතිරණ…