සතියක් ඇතුළත තිරිඟු පිටි මිළ යළි පහළට…! දැන් කිලෝව රු. 265යි…!

October 20, 2022 at 9:17 am | by emanisa.lk

පිටකොටුව තොග වෙළෙඳ පොළෙහි තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් පහත දමා ඇත.

ඒ අනුව තිරිගු පිටි කිලෝවක නව මිල රුපියල් 265ක් බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය 14 වෙනිදා තිරිඟු පිටි තොග මිල රු. 85කින් පහත දැමිණි. එතෙක් තොග මිල රු. 375ක් විය.

කෙසේ වුව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන තවමත් අලෙවි වන්නේ පිටි තොග මිල රු. 375ක් ලෙස පැවැති සමයේ මිළ ගණන්වලටමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *