ආර්ථික අර්බුදයෙන් මිදෙන හැටි ගැන මහින්ද සොල්හයිම් සාකච්ඡාවක…!

October 12, 2022 at 6:26 pm | by emanisa.lk

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නෝර්වේ හිටපු පරිසර ඇමැති එරික් සෝල්හයිම් අතර හමුවක් අද (12) සිදු වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සෝල්හයිම් මේ බව සඳහන් කර ඇත.

ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේ ද යන්නත්, ජාතීන් මුහුණ දෙන අභියෝගවලට හරිත විසඳුම් සෙවීම සඳහා ආර්ථිකය සහ පරිසර විද්‍යාව ඒකාබද්ධ කරන්නේ කෙසේ ද? යන්නත් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ය.

එරික් සොල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලෝක කාලගුණ උපදේශක ධූරයට ද පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *