දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.
එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි දෙකක් පදනම් කරගෙන ඒ විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පවසයි.
සිද්ධිය පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා, මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද ප්රකාශ කළේය.
මේ පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ කොළඹ ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයකට දරුවන් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.