දැරියක් පාසලේ සිහිසුන්ව ඇද වැටී එතැන ම මිය යයි…!

October 11, 2022 at 7:41 am | by emanisa.lk

පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ සිසුවියක් පාසල අවසන් වී දිවයමින් සිටිය දී 10 දින එකවර පාසල් භුමියෙ ඇද වැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 12 හැවිරිදි මොහොමඩ් ෆයිසාර් ෆාතිමා රහ්නා නැමති මනල්ගුන්ඩුව පදිංචි දැරියකී.
ඈ දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 9 දරුවා බව කියයි.

දිව යමින් සිටියදී එකවර ඇද වැටි ඇති බවත් ඒ සමගම ඇය සිහිසුන්වි තිබු බවත් දැරියට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවර ගුරුවරියන් කෘතිම ස්වශනය ලබා දෙමින් ඇය ප්‍රකෘති තත්ත්වයට ගැනිමට උත්සහ කර ඇති නමුත් සිහිසුන්වු දැරිය ප්‍රකෘති තත්ත්වයට පත්වී නැත.

පසුව පුත්තලම මූලික රෝහලට අදාල දැරිය රැගෙන විත් ඇති නමුත් ඒ වන විටත් මරණයට පත්වි සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය. පවුලේ ඥාතින් පවසන්නේ මෙයට පෙර මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොතිබු බවත් නිරෝගී තත්ත්වයෙන් සිටි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *