22 අනිවාර්යෙන් ගෙන ආ යුතු බව මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ මතයයි..! – කරූ ජයසූරිය…

October 8, 2022 at 9:42 am | by emanisa.lk

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන් ගෙන ආ යුතු බවට මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙපළ අදහස් පළ කළ බව හිටපු කතානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

ඒ මහතා 07 දින පෙරවරුවේ මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.
කරු ජයසූරිය ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ බැහැ දැක 22 වන ව්‍යවස්ථාව ගෙන නොආවොත් රටට අත්වන අනිටු ඵලවිපාක සම්බන්ධයෙන් නාහිමි දැනුවත් කර තිබේ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ 20 වන ව්‍යවස්ථාවට අනුව මේ ලෝකයේ වැඩිම බලතල ඇති රාජ්‍ය නායකයා මෙරට රාජ්‍ය නායකයා බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වෙනි සංශෝධනය නැවත ගෙන එන බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු උනෙත් 20 වන ව්‍යවස්ථාව අහෝසි කරන බවටයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *