අපි මොට්ටයෝ වුණේ බණ්ඩාරනායකගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසයි…! – චන්දිම වීරක්කොඩි….

October 3, 2022 at 5:46 pm | by emanisa.lk

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ  ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා තමන් මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදිය යුතු බව කී චන්දිම වීරක්කොඩි, දුප්පත් අහිංසක මිනිස්සුන්ට නැගී සිටින්න නම් ඔවුන්ට බලහත්කාරයෙන් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය යුතු යැයි ද එසේ කළහොත් රටට අනාගතයක් තිබෙන බවද කීය.

අද (03) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

“අපිට අභිමානයක් තිබෙනවා. සිංහල මිනිස්සු ලෙස සිංහල භාෂාව පිළිබඳව. ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාව පිළිබඳව අභිමානයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හිතන්න. මෙච්චර කල් රටට වු‍ණේ මොකක්ද? පළවෙනි කාරණය අපි මොට වුණා.

අපේ පක්ෂයේ නායකයා වූ බණ්ඩාරණායක මහත්මයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *