ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කරයි…! විදුලි සැපයුම දැඩි අවධානමක..!

September 23, 2022 at 3:48 pm | by emanisa.lk

අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ තෝරා ගන්නා ලද සැපයුම්කරු අමාත්‍යාංශයට අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි යැයි දැනුම් දී ඇති බවය.

එහි සඳහන්ව ඇත්තේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් තම සමාගම මෙම තීරණය ගන්නා බවය.

අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා අලුත් ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කරන බවය.

දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගන්නා බව ද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩි දුරටත් සටහන් කර ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා ප්‍රකාශ කළේ නියමිත වෙලාවට ගල් අඟුරු තොග නොලැබුණහොත් දෛනික විදුලි කප්පාදුව පැය 12 දක්වා ඉහළ යා හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *