බහුතරයේ සහාය මටයි…! මා වැඩ කරන්නේ බහුතරය වෙනුවෙන්…! – රනිල්….

September 17, 2022 at 8:56 am | by emanisa.lk

වත්මන් ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිට ම කළ යුතු නිවැරදි දේ පිළිබඳව තමා යෝජනා ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව රටේ බහුතරයක් විස්වාස කළ බැවින් ඔවුන්ගේ සහයෝගයෙන් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමා කෙරෙහි විස්වාසය තැබූ බහුතර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවයි, ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන්නේ.

රාජ්‍ය ආයතන බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් හෝ දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීමෙන් හෝ වත්මන් අර්බුදයට විසඳුම් නොලැබෙන බව සියලු දෙනා තේරුම් ගතයුතු බව ද ජනපති වික්‍රමසිංහ අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩාකප්පල්කාරීන්, නීතිය කඩකළ පුද්ගලයන් මිස සාමකාමී අරගලකරුවන් හෝ සාමකාමී ජනතාව නොවන බවයි. ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත්, ඒ සියල්ල සිදුවන්නේ පොලීසිය හරහා මිස ආණ්ඩුවේ උවමනා එපාකම් අනුව නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *