ඩී.වී. චානක පැයෙන් ඇමැතිකම අත හරී…!

September 9, 2022 at 10:51 am | by emanisa.lk

වන ජීවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිවුරුම් දුන් ඩී. වී. චානක එම අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැයක් පමණ කාලයක් තුළ ඔහු මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඩී.වී. චානක විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටියත් එය නොලැබීම මත ඔහු මෙසේ වනජිවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *