රාජ්‍ය ඇමැතිවරු 36ක් හෙට දිවුරති…! සියලු දෙනා පොහොට්ටුවෙන්…!

September 7, 2022 at 8:03 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට සූදානම් බව වාර්තා වෙයි. මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකි.

අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවකට පැමිණ තිබේ.

රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහකට සීමා කිරීමට කලින් තීරණය කර තිබුණ ද එම ගණන 36 දක්වා වැඩි කිරීමට සිදුවී ඇති බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *