මෛත්‍රී දහම් පුතා නායකයා කරන්න බරට ම වැඩ…! ශ්‍රීලනිප ව්‍යවස්ථාවත් වෙනස් කරලා..!

September 2, 2022 at 2:48 pm | by emanisa.lk

තම දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර පවසයි.

ඔහු මේ බව අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම එම නායකයින්ට පාරාවළල්ලක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

“රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණා. නමුත් එතුමා ජනාධිපති වුණා. ඒ ගැන අප සතුටට පත්වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා රටේ ව්‍යවස්ථාව සංශෝධනය කළා. එතුමාට එය පාරාවළල්ලක් වුණා.

දැන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *