පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.
අදාළ පිරවුම්හල් 12 ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අවම ලෙස දායකවීම මීට හේතුව බව අමාත්‍යවරයා පැවසීය.
QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය ගැන ඉදිරියටත් නිරීක්ෂණය කරන බවත්, මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.