ගෝඨාභය රාජපක්ෂ යනු කිසිදු කෙළෙහි ගුණයක් නැති ගුණමකු පුද්ගලයෙකු බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග පවසයි.
තමා ඇතුළු විශාල පිරිසක් දේශපාලන පළිගැනීම්වලට ලක් වුව ද ඊට සාධාරණයක් කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු නොකළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු රටට සේවයක් කළ අයකු බවත් නැවත ලංකාවට පැමිණිය යුතු බවත් පවසන උදයංග වීරතුංග, මේ රටේ ජනතාව ඔහුට කිසිදු හිංසාවක් නොකර ආදරෙන් බලාගනු ඇතැයි ද පෙන්වා දෙයි.
කෙසේ වුවද ඔහු දේශපාලකයෙකු ලෙස අසාර්ථක බවත් මහින්ද රාජපක්ෂ අසලවත් ළං කළ නොහැකි නොහැකි බවත් ජනතාව නැවත ඔහුට රැවටෙන්නට සූදානම් නැති බවත් උදයංග වීරතුංග අවධාරණය කරයි.
අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව ප්රකාශ කළේය.