ඉදිනොකළ ජල බලාගාර ධාරිතාව මෙ.වො. 2500යි..! රටේ විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2700යි…! අවශ්‍යතාවෙන් අඩක් වැඩි මිල ඩීසල් බලාගාරවලින්…!

August 16, 2022 at 8:56 am | by emanisa.lk

මේ පින්තුර වල දක්නට ලැබෙන්නේ වැඩ අවසන් නොකළ කුඩා ජල විදුලි බලාගාරයක්. මේ වන විට මෙම විදුලි බලාගාරය මුළුමනින්ම වාගේ වන ගහනයට නතු වෙලා. මේ වෙනුවෙන් බැංකු ණයක් හරහා මිලියන 100කට අධික මුදලක් වැය කොට තිබෙනවා. මෙම විදුලිබලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කළ හැකි විදුලි බල එකක ගණන කිලෝ වොට් 600ක්. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට පෙර එහි හිමිකරු මිය ගිහින්.

නමුත් තව කුඩා ආයෝජනයක් මගින් මෙම ව්‍යාපෘතිය පණ ගන්වන්න හැකියාව ඇති බව අප බැංකු සමිතියේ නිලධාරීන් විසින් කරන ලද ගවේෂණ චාරිකාවකදී තහවුරු වී තිබෙනවා. එම චාරිකාවේ අරමුණ වුයේ මෙවැනි අතහැර දමන ලද කුඩා ජල විදුලිබල ව්‍යාපෘති ආයෝජකයින්ට හඳුන්වාදී ඒ හරහා ජනනය වන විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට එක් කොට දීම. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්පූර්ණ කිරීමට දැනටමත් ආයෝජකයින් කිහිප දෙනෙකුම කැමැත්ත පලකොට තිබෙනවා.

රටට අවශ්‍ය විදුලිබල ඒකක ප්‍රමාණය මෙගා වොට් 2700 ක් පමණ වනවා. මින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඩීසල් මගින් ලබා ගැනීමට සිදුවීම රටට විශාල බරක්. විදුලි බලය උත්පාදනය සඳහා ඩීසල් යොදා ගැනීම නිසා ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින ඩොලර් අර්බුදය තවදුරටත් වර්ධනය වීමට ප්‍රධානම සාධකයක්.

මේ සඳහා නිවැරදිම විසඳුම ලෙස දක්වන්න පුළුවන් වන්නේ රට තුළ තව තව තවත් කුඩා ජල විදුලි බලාගාර ස්ථාපනය කිරීම. ජල විදුලි බලාගාර නිර්මාණය සඳහා ලෝ හෙඩ් (Low head ) තාක්ෂණය මේ වන විට ලංකාවට හඳුවාදී ඇති බැවින් කුඩා ජල විදුලි බලාගාර ස්ථාපනය සඳහා ලංකාව තුළ හඳුනාගෙන ඇති නව ස්ථාන ගණන 400කට අධිකයි. ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකියාව ඇති විදුලිබල එකක ගණන මෙගා වොට් 2500ක් කට අධිකයි.

මෙතරම් ධාරිතාවක් කුඩා ජලවිදුලි බලාගාර හරහා පද්ධතියට එක කිරීමෙන් ඩීසල් මගින් විදුලි නිෂ්පාදනය ශුන්‍ය කොට විදුලිබල ශක්ති අතිරික්තයක් පවා ඇතිකර ගැනීමට හැකියාව ඇති බව මේ වන විට සොයා ගෙන තිබෙනවා.

නමුත් පසුගිය මාස 12ක කාලය තුළ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දැනටමත ස්ථාපනය කොට ඇති කුඩා ජලවිදුලි බලාගාර හිමිකරුවන්ට ලැබිය යුතු මුදල් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ගෙවා නැහැ. එනිසා දැනට ස්ථාපනය කොට පවත්වාගෙන යන විදුලි බලාගාර රාශියක් රජයට විදුලි සැපයීම පවා නතර කොට දමා තිබෙනවා.

එවැනි කුඩා ජලවිදුලි බලාගාර රාශියක් විකුණා දැමීමට පවා එම ආයතනවල හිමිකරුවන් සුදානමින් සිටිනවා. නමුත් මෙම ආර්ථික අර්බුදය අවසන් වූ වහාම එම මුදල් එම විදුලිබලාගාර හිමිකරුවන් වෙත ලබාදීම රජය විසින් කල යුතු වෙනවා. එබැවින් මෙම කාලය තුළ එම ආයතන සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය යොදවා රජයට විදුලිය සැපයීමට හැකි ආයෝජකයින්ට හොදම අවස්ථාවක් බවට ද පත්වී තිබෙනවා.

මේ තත්ත්වය තුළ පවා කුඩා ජල විදුලිබලාගාර ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් සොයා ගැනීමේ හැකියාව ටෙම්කෝ බැංකුව සතු වීම විශේෂත්වයක්. රජයෙන් නියමිත පරිදි මුදල් නොලැබීම නිසා විකිණීමට ඇති විදුලිබලාගාර ටෙම්කෝ බැංකු සමිතියේ මැදිහත්වීම හරහා මිලදී ගැනීම සඳහාත් ආයෝජකයින් රාශියක් මේ වනවිට ඉදිරිපත් වී තිබීමත් සුවිශේෂ කරුණක්.

ටෙම්කෝ බැංකු සමිතියේ උපදේශක නිපුන වාසලතන්ත්‍රීගේ, ටෙම්කෝ බැංකු සමිතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නුවන් හෙට්ටිආරච්චි හා ටෙම්කෝ බැංකු සමිතියේ සභාපති ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන මෙම ව්‍යාපෘතිය නැරඹීම සඳහා සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *