ලංකාවේ ඉන්ධන වෙළඳපොළට දැවැන්ත චීනයත්..!

August 8, 2022 at 9:50 am | by emanisa.lk

මෙරටට ඉන්ධන ආනයනය කිරීම සහ රට තුළ ඉන්ධන අලෙවි කිරීමේ ව්‍යාපාරය සඳහා චීනයේ ප‍්‍රධානතම සමාගමක් වන සිනොපෙක් සමාගම ද පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල නව සමාගම් සඳහා මෙරට ඉන්ධන වෙළඳපොළ විවෘත කිරීමට පසුගිය ජුනි මාසයේ දී කැබිනට් මණ්ඩල අවසරය ලබා දී තිබුණි.

ඒ, ඩොලර් අර්බුදය මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් සිදුකර තිබෙන තත්ත්වයකය.

මේ වන විට මෙරට ඉන්ධන සැපයුමෙන් 90ක් ශ‍්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකරන අතර, 10% ක ප‍්‍රමාණයක් ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් සිදු කරනු ලබයි.

පැමිණීමට නියමිත චීනයේ සිනොපෙක් ආයතනය සතුව දැනටමත් හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ඉන්ධන ගබඩා සංකීර්ණයක් පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *