හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් රට තුළ දේශපාලන ආතතිය තව දුරටත් වර්ධනය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණෙන බවට කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසයි.
රොයිටර් පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවක දී ජනාධිපති රනිල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කරයි.