දේශීය සමාගම් හයකින් ඩීසල් ගන්න රජය සූදානම්…!

July 3, 2022 at 10:47 am | by emanisa.lk

විදේශීය නැව්වලට සහ දේශීය කර්මාන්ත ආයතනවලට ඩොලර් අයකර ඩීසල් සපයන පෞද්ගලික සමාගම් හයකින් හදිසි අවශ්‍යතා සඳහා තෙල් මිල දී ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

රජයේ විශේෂ බලපත්‍ර යටතේ මෙලෙස ඉන්ධන ආනයනය කරන බංකරින්’ සමාගම් වන්නේ ජෝන් කීල්ස්, හේලීස්, ඉන්දියන් ඔයිල්, මැක්ලරන්ස්, සිනොපැක් සහ ඩෙල්මේජ් යන සමාගම්ය.

මේ වන විට අදාළ සමාගම් සතු ගබඩාවල ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක පමණ තොගයක් ගබඩා කර ඇතැයි වාර්තා වෙයි.

මෙම තෙල් මිල දී ගැනීමේ ආරම්භය ලෙස ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500ක් ඩොලර් මිලියන 11ක් ගෙවා දැනටමත් මිල දී ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *