යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරු ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබේ.
එම හමුවේ දී, යුරෝපා සංගමයට අයත් රටවල් මිතුරන් සේ සලකන ලෙස තානාපතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
එහි දී ලංකාවේ ජනගහනයෙන් 90%ක් ග්රාමීයව ජීවත්වන බව පවසා ඇති ජනාධිපතිවරයා, ඉන් 75% ක් ම කෘෂිකර්මාන්තයේ නිරතව සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පොහොර සහ ඉන්ධන ලබා දෙන්නේ නම් ආහාර සුරක්ෂිතතාව පිළිබදව ගැටළුවක් පැන නොනගින බවත් එම නියෝජිතයන්ට දැනුම් දී තිබේ.