මේ වන විට එක තෙල් පිරවුම්හලක සිට ඊළඟ පිරවුම්හල දක්වා තෙල් පෝලීම් හැදී ඒවා කවර පිරවුම්හලක පෝලිම් දැයි සිතාගත නොහැකි තත්ත්වයට ව්‍යාකූල වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ, එම පිරවුම්හලවල තෙල් ලබා දීමේ දී විවිධ අසාධාරණකම් සිදුවන බවයි.
ප්‍රදේශයේ චණ්ඩි පැමිණ තමන්ට උවමනා තරම් තෙල් රැගෙන යන අතර ඊට එරෙහිව කතා කරන විරෝධතා කරන පුද්ගලයින් අත්අඩංගුව ගැනීමට පොලිසිය සැලසුම්සහගතව කටයුතු කරන බවට රහුමාන් චෝදනා කරයි.
ආණ්ඩුව පොලිිසිය යොදවා සාධාරණ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ද මුජිබර් රහුමාන් පෙන්වා දෙයි.