ආර්ථිකය ස්ථාවර වෙන්න නම් ජනපතිගේ බලතල අගමැතිට දිය යුතුයි…! – ඇමරිකාව….

May 28, 2022 at 3:23 pm | by emanisa.lk

ආර්ථික ස්ථාවරභාවය ගොඩ නැගීමට නම්, ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

ඊයේ (27) කතානායක මහින්ද යාපා අබේවර්ධන සමග පැවති සාකච්ඡාවක දී ඈ මේ බව පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක්ද තානාපතිනිය විසින් නිකුත් කර තිබේ.

මේ වන විට ජනාධිපතිවයාගේ බලතල කප්පාදු කර එම බලය අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට ලබා දීමේ යෝජනාව ද ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සූදානම් කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *