මේ මොහොතේ රට භාර ගන්නා කිසිදු ආණ්ඩුවකට මාස 6කට වඩා පැවතිය නොහැකි බවත් තමන් වහන්සේ ඉදිරිපත් කරන ත්‍රිවිධ ප්‍රතිපත්තිය පිළිගන්නේ නම් අවුරුදු 5කට මේ රට භාර ගෙන සමෘද්ධිමත් දේශයක් බවට පරිවර්තනය කර දීමට තමන්ට හැකි බවත් සමන්තභද්‍ර හිමියෝ පවසති.
රජය මේ වන විට මූණ පා ඇති උග්‍ර ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුම් තමන් ළග ඇති බව පවසා උන්වහන්සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන ණය තමන් වහන්සේගේ දායකයකු පිරිනැමීමට සූදානම් බව ද පැවසීය.
මේ වන විට විශ්ව ගම්මානයක් බදු උමන්දාව ගොඩ නගා අවසන් බවත් උමන්දාව ගොඩ නැගූ පරිද්දෙන්ම දැන් තමන්වහන්සේගේ අරමුණ මේ රට ගොඩ නැගීම බවත් උන්වහන්සේ වැඩි දුරටත් පවසති.