නව ආණ්ඩුවේ ඇමැතිකම් බෙදා ගැනීමට නොහැකිව ශ්රීලනිප දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි අනාවරණය වෙයි.
ආණ්ඩුවේ ඇමැතිකම් 02ක් එම පක්ෂයට ලබා දීමට බලධාරීන් එකඟ වුව ද ඒ සඳහා 06 දෙනෙක් තරඟ කරති.
ඒ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර සහ ජගත් පුෂ්පකුමාරය.
මෙම පිරිස පක්ෂයක් ලෙස මෙන් ම තනි තනිව ද අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන ඇමැතිකම් ඉල්ලමින් සිටිති.
ඇමැති තරඟයෙන් පරාජයට පත්වීමේ අවධානමක සිටින දයාසිරි ජයසේකර මේ වන විට ශ්රීලනිපයේ කිසිවෙකු ඇමැති ධූර ලබා නොගත යුතු යැයි අවධාරණය කරමින් ඇතැයි වාර්තා වෙයි.