ජොන්ස්ටන් සාමකාමී තරුණයින් ගැටුමකට ඈඳ ගන්න හදනවා..! – සජිත්…

April 8, 2022 at 6:21 am | by emanisa.lk

තේ වතුවල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සජිත් ප්‍රේමදාස ඒ බැව් කියා සිටියේ (07) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති වතු කම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

දමිල ප්‍රගිතිශීලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙළපාළිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර, එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙළඳසැල් වසා දමා තිබුණි.

ඇතැම් වෙළඳසැල්වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර, වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙළපාළියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.

ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමක ඈඳා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව සටන ජය ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති පා.ම මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන්, පා.ම එස්. උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් ද සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *