යුද හමුදා යතුරු පැදි කණ්ඩායම පිරිසක් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂකයින් අසලට යාම වැරදි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
එසේ ම පොලිස් නිලධාරියෙකු මහ ජනතාව ඉදිරියේ හමුදා සෙබළුන්ට පහර දීම වැරදි බවයි, ඔහු අවධාරණය කළේ.
මෙම සෙබළු අට පාස් අය බවත් ප්‍රකෝප වූ ජනතාව අතරට ආයුධ සන්නද්ධව යාම නිසා අනතුරක් සිදුවීමට තිබූ බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ ය.
කොටි අඩවිවලට ගිය මෙවැනි සෙබළුන් ඇතැම් අවස්ථාවල කොටි විසින් මරා දමා ඇති බවත් හිටපු හමුදාපතිවරයා අනාවරණය කළේය.
ඊයේ පාර්ලිමේන්තුව අසල පොලිසිය සහ හමුදා නිලධාරීන් අතර ඇති වූ මතභේදකාරී තත්ත්වය පිළිබඳ අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.