පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට යැයිද ආණ්ඩුවට බහුතරය නැතැයි විපක්ෂය කියනවා නම් විපක්ෂයේ බහුතරය ඉදිරිපත් කරන්නැයි ද සභානායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි ද බහුතරයක් තිබේ නම් ඒ බව ජනපතිට දන්වන්නැයි ද සභානායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව බොහෝ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වී තිබෙන අතර ඊට වඩා ප්‍රාතිහාර්යයන් කරන්න පුළුවන් නම් ජනාධිපතිතුමා දැන් අත දිගු කර තිබෙන බව ද දිනේෂ් ගුණවර්ධන පැවසීය.