කොවිඩ් මැද අපනයන ආදායම් අඛණ්ඩව ඉහළට….! 9 වෙනි මසටත් ඩොලර් බිලියනය ඉක්මවයි…!

March 30, 2022 at 8:09 am | by emanisa.lk

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය නැවත සවිමත් කරමින් මේ වසරේ පෙබරවාරි මාසයේ දී අමෙරිකන් ඩොලර් බිලියනයකට අධික අපනයන ආදායමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1,046ක අපනයන ආදායමක් පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර එය පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේදී උපයා තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 951.70ක අපනයන ආදායමට සාපේක්ෂව සියයට 9.91ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රේගුව මඟින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ වර්ධනය පෙන්නුම් කර තිබෙන අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,108.65ක් බව ද පසුගිය 2021 වසරේ එම මාසවල අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,888.40ක් බව ද එම මණ්ඩලය පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය මැද වුව ද මේ වන විට ලංකාව අඛණ්ඩව මාස 09ක් තිස්සේ ඩොලර් බිලියන එක ඉක්මවා අපනයන ආදායම් වාර්තා කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *