වැස්සත් නෑ… තෙලුත් නෑ….! කෙරවළපිටියත් වසයි..! ලබන සතියේ පැය 10ක විදුලි කප්පාදුවක්..!

March 25, 2022 at 3:35 pm | by emanisa.lk

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට දිවයිනේ සියලු ම ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දිවයිනට අඛණ්ඩව ඩීසල් සැපයුම් සිදු නොවන තත්ත්වයක් මත ඩීසල් සහ දැවි තෙල් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ජනන යන්ත්‍ර භාවිතයත් අත්හැර දමන්නට සිදු වී තිබේ.

අද දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්නට සිදු වූයේ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *