ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කරයි.
දහතුන් දෙනාගේ නම් ලැයිස්තුවේ ඉහළින් ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
ඊට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ද ඇතුළත්ය.
ඉහත ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුල් වීම සපුරා තහනම් වන බවත් ඉදිරියට තවත් නම් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාව පැනවූ සම්බාධකවලට පිළිතුරු වශයෙන් මෙම සම්බාධක පැනවූ බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.