විදුලි කප්පාදුව දිගට ම …! ඉන්ධන ලැබුණත් කපන්න වෙනවා..!

March 7, 2022 at 7:41 am | by emanisa.lk

තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන ලැබුණ ද විදුලි සැපයුම නියාමනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මාර්තු පස්වනදායින් පසු විදුලිය විසන්ධි නොවන බවට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙකුම පසුගිය සතියේ පැවසූ නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

නියමිත පරිදි ඉන්ධන ලැබුණොත් විදුලිය විසන්ධි කිරීම අඩු කළ හැකි නමුත් සම්පූර්ණයෙන්ම විදුලි කප්පාදුව නතර කිරීමට කළ නොහැකි වනු ඇති බව ද ලංවිම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉන්ධන නොමැති වීම නිසා ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශවල ජලය වැඩි වශයෙන් භාවිත කිරීමෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *